30 April 2011

දිගු දෑස......

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ....
download link:

     http://ananmanan.com/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1393



4 comments:

  1. දිගු දෑස දුටුවාම
    හැගෙනවා පෙර සේම
    ගහපු හැටි ඇස් නුබට
    ඔය හිතට අමතකද
    උගුලුවා මගේ දෙනෙත
    ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ දෙනෙත
    පළිගන්න මට නුබගෙන්//.....

    පැය පුරා නුබ දිහා
    බලපු හැටි හොර රහසේ
    හිතෙනවා පතනවා
    දැක ගන්න ඔබ ආයේ
    දෙන්න මගෙ ඇස් දෙකම ගලවාපු නුබ මාගේ
    පළිගන්න මට නුබගෙන්
    හිතයි හැමදාමත් මං....

    පංතියේ ගුරැවරෑ උගන්වයි ඉස්සරහා
    ඇස ගැහැයි මගෙ අනේ
    ඔබ දෙසට වත පාලා
    ඉගෙනුමට සවන් නැත
    ඇස වැදේ ඔබ දෙසට
    බලන්න මගෙ දෙස
    හරියටම ඇහ ගහන්න....
    දිගු දෑස දුටුවාම!!!!!!!

    ReplyDelete
  2. නියමයි..ලස්සන සින්දුව...
    කොමෙන්ටුවට ස්තුතියි....

    ReplyDelete
  3. ආදරය මිනිස්සු කීදෙනෙක්ව ජීවත් කරනවද බලහන්.... සින්දු තව කොච්චර තියෙද විකුනන්න​

    ReplyDelete
  4. http://www.cinelanka.net/2011/12/rape-zombie-2011-18.html

    ReplyDelete